පේරාදෙණිය තණකොල ‍වලට ආදරය නොකිරීම පිලිබද ‍ව

Posted on Updated on

පේරාදෙණිය,
අඩු සීනි ප්‍රේම සම්බන්ධයක් විතරක් ම තිබ්බත්
අනික් අය වගේ ගල් ගස් තණ අග නොඉම්බත්
– නොතිබ්බාමත් නෙමේ, ඒත් තිබ්බා කියන්නත් බෑ ඒක,
පරිසමාප්ත අර්ථයෙන් – එහෙම අර්ථ නෑ කියලත් කියනවා

වෙලාවකට මම ආදරේ කරන කොට. ආදරෙත් නෑ කියල
කියන අය ඉන්නවා. ඔයා බෑ මට අමතක කරන්න,
ඒ ඉන්න උන් හින්දමයි.
කිව්වෙ නැතත්, අමතක කරන්න හේතුවත් ඒකමයි.

මන්දාස්මිතයෙන් හිනැහෙන සදා රමණීය
නිල්වන් තැනිතලා අතරින් සිසිල්වන්
ගලා යන ජල ධාරාවෝ පසා හිස ඔසවන
සුමුදු මුදු ගල් කුලු මත ඔටුනු ලූ
කොබෙයි, කුරුලු, ලැහැබ්, සීපා සිරි සපිරි පේරාදෙණිය,

මොන ජෝක් ද, නේද?

වෙන තැනක බැලුවෙ නැද්ද ඇහුවා, මම
හිතුවා ඔහෙ එම්.ෆිල් එකක් පාඩුවේ කරන්න.
ඩී.ලිට් එකක් කරන්නයි ආසා, ඒ අකුරු පහේ තියෙනවා පොඩි
නැලවිල්ලක් ඉංග්ලිෂ් වලින් ලියපුව‍ම.
මගේ හද ගැහෙන්නේ ඒ භාසාවෙන් කියලා
ගෑණියක් මට කීවා, ලංකාවෙ පුරවැසිකම දාල ගිය.

ගෑණි නොකියා මට ඈට ස්ත්‍රිය කියන්නත් තිබුනා.
සංදිග්ධ මදි යි වගේ එතකොට. අපේ හාල් ගරන,
බත තිබ්බට බත නොඉදෙන ඒ මොකද්ද එක.

පස්සෙ මට බෑ කියල හිතුනා, ගෝටාටත් දුන්නට පස්සෙ ඩී.ලිට් එක.
හොදයි වගේ දැනුනා එම්.ෆිල් නමේ අකුරු ටික.

හෝඩියට ආදරේ කරන්න හිතුනා, සාපේක්ෂව බලන කොට,
යුධ අගල් කප කපා ඉතිරි උන කෙනාට ඩී.ලිට් දුන් උන් අතර
නිදි කිරා කියවා, ෂෝට් කට් ගසා මිඩ්ල්මාර්ච්, බ්ලීක් හවුස්
පැමලා, ක්ලැරීසා, ෆ්රැන්කන්ස්ටයින්, ඔට්රැනන්ටෝ පවා
දරලා, ඉවසලා, දිරව දිරවා විභාගෙට ලියා
බී.ඒ එකක් අරන් මල්ලිකා එකෙන් ෆොටෝ එකකුත් ගහලා
(ගෙදරට ගන්නෑමයි කිව්වා ෆොටෝ එක නැතුව)

මෙහෙම ඉන්න එකත් නරකම නෑ වගේ
එක පැත්තකින් බලන කොට.

කියාවි ඩී.ලිට් දීපු ජගතුන්ට ගෝතා
විල්ප්‍රඩ් ඕවන්ගෙ 34වෙනි උපන් දිනේ ගැන.
යථාර්තය වන්නා වූ ඒ බිදිති වී විසිරෙන,
ගිගුම් කා සම්ප්‍රේෂණය වෙන, බලකා‍මයට කනු තියන,
ගතික ව නිති දෝලනය වෙන ඒ ඒක ගැන.

කියාවි ජෝර්ජ් ඕර්වල් ගැන හා
මං ගැන. වෙන?

ඉතිං, කියන්න පේරාදෙණිය,
ආදරෙයි කියලා මට:
ලමයි මොන තරං ඇරියත්, ජීවිතේ ම ගෙතූ සිහින පොදි
පිටින් උස්සා බිම ගසා දැම්මත්,
ආදරෙයි වගේ ඒ අම්මලා:

තියෙන‍වා නම් ගල් කණු‍වක හිතක්,
නියවන්න පුලුවන් දතක්,
සිමෙන්ති දාපු තැනක පලුද්දක්,
සෙනෙහසින් තියලා තිතක්.

2011-01-12

Advertisements

One thought on “පේරාදෙණිය තණකොල ‍වලට ආදරය නොකිරීම පිලිබද ‍ව

    Nirmala Chandrasiri said:
    January 13, 2011 at 3:37 pm

    මේක ඔක්කොටම වැඩිය බරපතල්! ඉතා සංයමයෙන් කියවන්න ඕනේ කවියක්! 😯 😛 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s