අලි පැටියෝ ඔයයි මමයි තව 10,000 කුයි

Posted on Updated on

අලි පැටියෝ ඔයයි මමයි තව 10,000 කුයි
යමු යුද්ධ කරන්න කියලා
දුටුගැමුණු කුමාරයා අලියට කිව්ව කාලයකුත්
ලංකාවෙ තිබ්බා.

බලන්න කොයි තරම් අහිංසක අනියමයක් ද
කියවද්දි කතා පොතක පිටු අස්සෙං:
ලංකාව තිබ්බෙ නැති ඒ කාලේ, එහෙනං අපි බලා ඉදිමු,
මොලේ තිබිච්ච ඒ අලියත් කිව්වා.

ඒවි ලංකාව අපිව හොයං දවසක,
අපි ලෑස්ති පිට ඉදිමු. එහෙම ඉදලා හරි යන‍ව යෑ?
ඔව් ඉතිං, එහෙම ඉදලත් බෑනෙ, නේද?
බෑ නේන්නං, මොනහු
ත්තක් අහනව ද? මොන මගුලක‍ටද තව තවත් බලං ඉන්නේ?
“කීදෙනෙක් බලං ඉන්නව ද අනාගත ඔබතුමා වෙන්න”:
එක්කො එහෙම වෙන්න, නැත්තං මෙහෙම හරි කොහෙං හරි
කැරකිලා විත් සෙට් වෙන්න.

“මේ, ඇයි ඔයා අර අරක
දෙකට කඩලා ලිව්වෙ”?

දුටුගැමුණු කුමාරයා අලියට කිව්ව කාලයකුත්
ලංකාවෙ තිබ්බා.
මොලේ තිබුනත් අලියට ‍යන්න උනා,
පා‍ඩම් පොතේ ඉතිහාසගත වෙන්න.

ඉතිහාසගත වෙන එකටත් පැති ගනනාවක් තියෙනවා.
ගිය පාරට කලිං පාර සරසවි සම්මාන එකේ
ජැක්සන් ගෙ මූන තිබුන හැටි මේ උනා වගේ පේනවා.
ධර්මප්‍රිය ඩයස් ස්ටැන්ලි වගෙ එද්දී
කැමරා කන්ඩායමත් ජැකාගෙ දෙල් උන මූන පෙන්නලා පොඩි එකක් ගත්තා.

“මචං, ස්ටැන්ලි!” – ගිහාන් ඩි චිකේරා ගෙ දෙබස:
සරස‍වි සම්මාන ටික අමුතු මුල් නමක් තියෙන සුද්දෙක්ට ගියා, පැසොලීනි කියල.
කැමරා ශිල්පියාගෙ නම කියෝගන්න නම් කියෝන එකා‍ට බැරි උනා.
සහයට හිටපු කෙල්ලටත් බැරි උනා. කුනුහර්පයක් වගේ එකක් කිව්ව
නම් තමයි අන්තිමට. සුද්දා ඇවිත් හිටියෙ නෑ තෑග්ග ගන්න.
මොන‍ව උනත් කෑන්ස් නෙමේ කියල හිතුනද දන්නෑ ඌට.

මේ කවිය ජුලියට් එහෙම කියෝනව ද දන්නෑ?
“දන් නෑ”, අඩහදයා කීවා.
හොදම අධ්‍යක්ෂනේ දෙනකොට සංවිධායක‍වරු
රත්නසිරි තියරිය ආදේශ කරා:
එයාටත් නැතුව, මෙයාටත් නැතුව කොහාටවත් නැතුව හිටපු
අහිංසකයෙක් ට පින පෑදුනා.

ඉතිහාසෙ කියන්නෙ ඔන්න ඔය වගේ කතන්දරයක්, ලමයිනේ:
අපේ ගෙවල් ලගත් හිටියා අලි පැටියෙක් ‍වගේ ඔය එක්කනෙක්.
බස් එක‍ට නගිද්දි ගෝලයාට එපා කියන්නත් බෑ.
එයා දැන් නම් හොදටම බස්සගෙන කියලා කව්ද මට කීවා ඊයෙ හරි පෙරේද හරි.
යන්නෙ ඉතිහාසගතවෙන්න නං හොද ආරම්භයක් කියල හිතුනා ම‍ට ඕක.

Advertisements

One thought on “අලි පැටියෝ ඔයයි මමයි තව 10,000 කුයි

    Charmi said:
    July 16, 2011 at 11:04 am

    අන්තිමේ අලි පැටියයි අර 10000 යි නැති උනත් මං ඉන්න එකම මදෑ අප්පේ…….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s