දුෂ්මන්ත

Posted on Updated on

දුෂ්මන්ත, ඔයා?
අතුරුගිරිය ටවුමේ ලයි‍ට් කණු වලින්
ටකරන්, තාප්ප, බිත්ති, සයිඩ් වල ඇලවිලා
මට හිනැහෙනවා.
මමත් හිනැහෙනවා.

ඔයා කඩුවෙල සභාවට ඉල්ලනවා.
මට ඡන්දෙ මෙහෙන් නෑ
ඒත් මම දන්න දන්න හැමෝටම කියනවා
උඹට මනාපයක් ගහන්න කියලා.

අන්තිමට මම උඹව දැක්කේ
අවුරුදු 2ට විතර කලින්
පේරාදෙණිය ලයිබ්‍රියේ කියෝනවා.
මට මතකයි උඹ කතා කරපු අන්තිම උද්ඝෝෂනේ
සෙනට් එක යට.

මයික් එකකුත් නැතිව
ගිනි කාස්ටකේ ෆස්ට් ඉයර් එවුනුත් තියාන
ශිෂ්‍ය සංගම් සභාපති අංකයෙන්
උද්වේගකාරී හරබර කතාවක් අධ්‍යාපනේ නිදහස ගැන.

කින්ඩියට ලියනවා නෙමේ මේ කවිය…

කැම්පස් ඉද්දි උඹ උඹේ මතේ රැක්කා.
රැග් කා රැග් නොකා කෙටවෙච්ච අනුබලෙන්
පිල් දෙකක පැල් දෙකක් බැදන් අපි දෙන්න වේලුනා.
දෙන්නට දෙන්න දන්නෙවත් නැතුව,
පෞද්ගලිකව,
මූන බැලුවට හිනාවෙන්නෙවත් නැතුව

අතුරුගිරියෙ තාප්පෙන් උඹ මට
නොම්බරෙත් පෙන්නං හිනාවෙනකොට

ශිෂ්‍ය සංගං උන් අපේ එවුන්ට කුනු බිත්තර ගැහැව්වට
ඉංග්ලිෂ් කරපු කෙල්ලන්ට උඹෙ පොඩි රෙස්පෙක්ට් එකක් නොතිබ්බමත් නෙවෙයි.

කැරියෙක් උනත් මමත්
ආත්මීය කැරියෙක්.

උඹේ දේශපාලනේ ගැන මට සංකල්පයක් නොතිබ්බට,
උඔ උඔම උනු එකට,
පේරාදෙණියෙ උන් එකට,
යුනියන් එකෙන් දිගට හරහට තග දැම්මත්
මතකය දේශපාලනික වෙන් නැති එකට,
කියනවා මම දන්න දන්න හැමෝටම
දාන්න කියලා උඔට.

ශිෂ්‍ය ව්‍යාපාරෙ නැති තැනක
පිටුදකින්න රැගක් නැති මොහොතක්.
උඔ තාප්පෙක, මම මහපාරේ තාප්පයක් දිහා බලාගෙන
දස අතේ sms ගහනවා “යකෝ
දුෂ්මන්තයා, කැරියා, ඡන්දෙ ඉල්ලනවා
කඩුවෙලට”.

2011-02-08

Advertisements

2 thoughts on “දුෂ්මන්ත

    ameesha said:
    March 29, 2011 at 5:32 am

    what’da hell?

    what is this

    VK responded:
    March 30, 2011 at 5:36 am

    What do u mean Ameesha Dias? It was meant to be a kaviya…. It’s not good? 😛

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s