මාගේ දේශ(න)ය

Posted on Updated on

Peradeniya, April 2011.

ගයි කෙනෙක් උගෙ ගිග් එකත් එක්ක
පේරාදෙනියෙ පොලොන්නරුවෙ
රවුමට වගේ වාඩිවෙලා ස්ට්‍රමනව ගිටාර් එක
සාහිත්‍ය උලෙලේ:

“දේශපාලනේ අස්වාභාවිකයි…. යෝ!
දේශපාලනේ අස්වාභාවිකයි”….

සීසන් එකේ රැග කවන්න
කොල්ලො කෙල්ලො දෙන්නා දෙන්නා
පෝලිං ගස්සලා ඔතනින් ම ගෙනියනවා… “අස්වාභාවිකයි…
දේශපාලනේ…”. මට පේනවා තිරය පුලුල් හින්දා

මට පේනවා. මම මෙහෙ හිටපු
අන්තිම අවුරුද්දේ කලා උලෙලේ
ගයි සින්දු කියන ඔය ස්පොට් එකේ
ඈම්ප් එකකට ගහපු මයික් එකකින් බෙවිස් සින්දු කිව්වෙ ඔය ගහ ලග
අර බොබ් ඩිලන් ජාතියෙ එකකුත් පිඹපිඹ.

බොබ් මාර්ලෙගෙ තඩාර් කටවුට් එකක් AT එක ලග.
හත්තොටුවේගම ලයිබ්‍රියේ ගල්කනු යට.
නිෂ්මි ගෙ අර කෝකටත් රූපේ මලකාපු බයික් එකක් ලග.
පොත් ප්‍රදර්ශන පෝලිමකුයි, NA 18 කාමරේ
මල මිනියක් කතා කරන බවට පෝස්ටරෙයි.

ලවුඩ් ස්පීකරෙන් අධ්‍යාපනේ රෑකගන්න
කවුද ජගතෙක් අමරදේව සින්දු දෙකක් මැද්දෙන්
ඉඩ ඉල්ලයි. ඉඩ දෙයි. ඉඩ ගනී.
රෑඩිකල් පෙන්නන ලුම්පන් යුගයයි. වැඩිකල් යන්නැති
යන්න සායමක් නැති ව පුංචි කුඩයක් ඉහලං

වැස්සෙ බෝට්ටු පද්දන,
ගහපු බෝතලේ සැර වැහෙන්න කොට්ටෙ පැත්තට කටත් හරවන්
මාගේ දේශය නිදන යුගයයි.

2011-04-09

Advertisements

2 thoughts on “මාගේ දේශ(න)ය

    Ashan said:
    May 10, 2011 at 5:48 am

    විහග, කැම්පස් එ​ෙක් ​ෙබාබ් මා​ෙල් ​ෙම්නියාව ගැන උඹ ​ෙමාකද හිතන්​ෙන? ගංජ ගහල, රැවුල වවල, ​ෙකාන්​ෙඩත් වැව්වම රැඩිකල් ​ෙවන්න පුලුවන් කියල දෘශ්ටිවාදයක් මම දැකල ති​ෙයනවා

      VK responded:
      May 15, 2011 at 2:32 am

      It’s now a bit old and stale right, Ashan? I guess we hold on to such “idols” and “fetishes” from time to time. Bob Marley, Che, Mahinda…. oya inne kastiya!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s